පාසල් වීදි නාට්‍යය ප්‍රදර්ශශනය.............

95d407e9-46a7-4a5d-99bb-7ddb0eb3eeeb.jpeg
95d407e9-46a7-4a5d-99bb-7ddb0eb3eeeb.jpeg

විදුහල්පති පණිවිඩය

A.M.ප්‍රියන්ත කුමාර මයා

 

    විශිෂ්ට දරු පරපුරක් උදෙසා.........

මප/නා/ මේල්පිටිය මහා විද්‍යාලය ලෙසින් දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල මධ්‍යම පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ  විශිෂ්ට ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.  

මාගේ ගුරු සේවා ජීවිතේ සිව්වන පාසල වූයේ  මේල්පිටිය මහා විද්‍යාලයයි. මෙය මාගේ පිය තුමගේ පාසල වීමත් , එය මගේ නිවස ඉදිරි පිට පිහිටා තිබීමත් මට විශේෂත්වයක් විය.

දියුණු වන ලෝකයේ නවීන තාක්ෂණ්ය සමග ඉදිරියට යාමට සුදානම් වන මේල්පිටිය මහා විදුහල් මාතාව වෙනුවෙන්  වෙබ් අඩවියක් සදන මේ මොහොතේ ඒ සදහා පෙරවදනක් තැබීමට  ලැබීම මා ලද භාග්‍යක් ලෙස සලකමි.  කිසිදු සන්නිවේදන පහසුකම්න  නැති   මේල්පිටිය ග්‍රාමය  මේ වන විට පසු වන්නේ හුදකලා ගම්මානයක්  ලෙස ය. කිසිදු සන්නිවේදන ජාලයක්  සදහා  Signal  නැති , කිසිදු  ජඃගම දුරකතනයක් ක්‍රියාත්මක  කිරීමට පවා අප ප්‍රදේශයේ දරුවන්  අන්තර්ජාලය හා සම්බන්ධ වන්නේ  SLT Telecom ජාලය හරහාය.  එවැනි අපහසුතා රශියක් මධ්‍යයේ විදුහල් මතාවගේ දරු කැල නවීන තක්ෂණය  සමග ඉදිරියට  ගෙන යන තොරතුරු තාක්ෂණය පිළිබදව කටයුතු කරන ඒ.ජී.ඩී.ඒ.විජේතිලක ගුරු මහත්මිය මෙහි දී අගය කළ යුතුමය.

    “ syber lowata piyapath ‘’ වැඩසටහන යටතේ සිසුන් 10 දෙනුකුට පුහුනුවක් ලබා දෙමින් හා එය යාවත් කලීන කරමින් පවත්වාගෙන යාමට මග පෙන්වීම තුලින්  කළාප අධ්‍යාපන කර්‍යලයේ සැලසුම් අධ්‍යක්ෂතුමිය ඉටු කරන්නේද මහගු මෙහෙවරකි .

 මෙම වැඩසටහනේ මුලික අඩිතාලම සලස දෙමින් විශිශ්ට මෙහෙවරල් ඉටුකරන අනධ්‍යන කර්‍යමණ්ඩලයට ද මෙහි දී ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි .

 ගුණ නැණ බෙලෙන් යුත් මැදරට විශිෂ්ටයින් බිහි කිරීමේ අරමුනින් පෙරට යන මේල්පිටිය මහා විද්‍යාලයේ  දරු දැරියන්ට නව ලොව ජයගන්නට න්වීන තක්ශනය මහගු ශක්තියක්  වේවායි එක සිතින් ප්‍රාර්තනා කරමි  

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.  

A.M.ප්‍රියන්ත කුමාර මයා
විදුහල්පති
මප/නා මේල්පිටිය මහා විද්‍යාලය.