අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
මධ්‍යම පළාතේ ඓතිහාසික මාතලේ පුරවරයේ අතිරමණීය කදු පන්තියකින් වටවූ නාවුල අධ්‍යාපන කලාපයේ පිහිටි සුන්දර ගම්මානයකි මේල්පිටිය ග්‍රාමය. එහි සුපිහිටි දැයට ඵලදායී උගතුන් බුද්ධිමත් ශිල්පීන් බිහි කිරීමට මග පෙන්වන ගුණ නැණ නිසි අයුරින් ලබාදෙන උසස් තක්සලාවක් වශයෙන් මේල්පිටිය මහා විද්‍යාලය හදුන්වාදිය හැකිය. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.







