පාසලේ ඉතිහාසය

පාසල් වීදි නාට්‍යය ප්‍රදර්ශශනය.............

95d407e9-46a7-4a5d-99bb-7ddb0eb3eeeb.jpeg
95d407e9-46a7-4a5d-99bb-7ddb0eb3eeeb.jpeg

ශ්‍රී ලංකාද්වීපයේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල අධ්‍යාපන කලාපයට අයත් මේල්පිටිය නම් වූ තක්සලාවට අඩිතාලම ලබාදුන් කලුන්දෑව තෙරනම මුලින්ම සිහිපත් කරනුයේ ගෞරව බහුමානයෙන් යතුවය. 

ක්‍රි ව1936 දී ආරම්භ වූවත් ලිඛිත ඉතිහාසයකට හිමිකම් කියන්නේ වර් ෂ 1937 මාරතු මස 27වන දා සිටය. මුතුබණ්ඩා සමරකෝන් නැමති මුල්ගුරුතුමාගේ මූලිකත්වයෙන් දරුවන් 7 දෙනෙකුගෙන් කුඩා පොල්අතු මඩුවක් තුළ ඇරඹි මෙයට එදා මෙදාතුර මුල්ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් ගණනාවක් ද යහපත් නායකත්වයක් සපයා ඇතිබව සිහිපත් කරනුයේ කෘතඥපූර්වකවය. එම මාර් ගෝපදේශකයින් අතර ආර්.බී තෙන්නකෝන් එස් බී ඒකනායක ඩී ජේ විජේසිංහ ආර් එල් බී රත්නායක යන විදුහල්පති යුගයන් සුවිශේෂී යුග වශයෙන් ඉතිහාසයට එක්වේ. එයිනුත් ඩී ජේ විජේසිංහ යුගයත් එස් පී විජේසිංහ යුගයත් කැපී පෙනෙන යුග බවට ඉතිහසය සාක්ෂි දරයි.

අනතුරුව එලඹෙන්නේ සියවස් කාලයක සේවා කාලක සේවා කාලයකින් හෙබි එස් පී විජේසිංහ යුගයයි. මෙම යුගය කැපී පෙනෙන යුගයක් බවට සියල්ල සාක්ෂි දරයි. භෞතික සම්පත් සංවර්ධනයෙහි ලා ගොඩනැගිලි ඉදිවීමත් පාසලේ අධ්‍යාපන මට්ටම දිස්ත්‍රික්කයේ මුල් පෙළට එක්වීමත් වරෂ 1979 අ පො ස සා පෙළ ප්‍රතිඵල 94%ක් තෙක් ඉහළ යාමත් එහි ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රථම උසස්පෙළ පන්තිය ආරම්භවීමත් එවක කනිෂ්ඨයක්ව පැවති අප විද්‍යාලය 1980 දී මහා විද්‍යාලයක් බවට පත්වීමත් කැපී පෙනේ. තවද එම උසස්පෙළ පන්තියෙන් එකවර සිසුන් 5ක් විශ්වවිද්‍යාල වරම් ලැබීමත් සාමාන්‍යෙපළ ඉංග්‍රීසි විෂය 100% ප්‍රතිඵල ලබා දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පාසල් අභිබවා යාමතත් එක් දැරියක් විශිෂ්ට සාමාර් ථ 8ක් සහිතව සමත් වීමත් කැපී පෙනෙන මතක සටහන් වේ.

වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

2011 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 123ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1937 මාරතු 27

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

07

මුල් ගුරුතුමාගේ නම

මුතුබණ්ඩා සමරකෝන් මහතා

පාසලේ ආදි කතෘගේ නම

කලුන්දෑවේ තෙර

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මේල්පිටිය විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ආර්.බී තෙන්නකෝන් මහතා

පාසල රජයට පවරාගත් දිනය

1957 ජනවාරි 10

පාසල පැවැත්වූ ස්ථානය

මේල්පිටිය ගම්මානයේ කුඩා පොල්අතු ගෙයක් තුළ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

කේ ජී හීන්බණ්ඩා මයා

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940