පාසල් ගීතය
රන් බිමයි මේ පින් බිමයි
ලකඹර දිදුලන සිප් බිමයි.......//
සැරදේවා සැරදේවා
විදුහල් මවුනි සදා.......//
රන්ගිරි සීගිරි කුළෙන් කුළට වැද මදනළ තුළ සැගවී
සක්විති කුළයෙන් පැළදූ නාමේ අතීත උරුමය වී
එවන් බිමක් මැද රිදී සදක් සේ ලක් පොළොවෙන් මතු වී නෙළුම් විලක් මැද රුවන් මලකි ඔබ මේල්පිටිය මව්නි......//
සැරදේවා සැරදේවා විදුහල් මවුනි සදා.......//
සිප්කිරි පොවනා සිප් ණැන වඩනා නිති අප බබලවනා
සරසවි වරමින් ලොව ජය ගන්නට නිසි මග යොමු කරනා
රටට දැයට යුතුකම ඉටු කරනට දිරිය සවිය ගෙනෙනා
දෑ කුළ ගොත් නොතකා යමු පෙරටම ජය මන්පෙත් මැදිනා.......//
සැරදේවා සැරදේවා විදුහල් මව්නි සදා.....//
පද රචනය / තනුව / සන්ගීතයන් - අනුරාධා වික්‍රමනායක
සන්ගීතාචාරිනී
මප/නා/මේල්පිටිය ම.වි.





