නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පල්ලේගම නන්දසාර හිමි
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අධ්‍යාපන කලාපයේ පිහිටි “මැදරට හොදම පාසල “යන දැක්ම සහිතව ක්‍රියාත්මක වන මේල්පිටිය මහා විද්‍යාලයේ උත්තරීතර මෙහෙවර වන්නේ ද ,නැණගුණ බෙලෙන් යුතු මැදරටවිශිෂ්ටයකු දැයට දායාද කිරීමයි.ඒ සදහා කාලය ධනය ශ්‍රමය හා භෞතික යෙදවුම් නිසි කළමනාකරණයකින් යුතු හසුරුවමින් හැකි උපරිම පරිශ්‍රමය දැරීමට අප කැමවන අතර අපවිද්‍යාලයේ ඉදිරිගමන් මග පහසු වීමෙන් ගමන් කිරීමටත් පාසලේ දූදරුවන් ඇතුළු ප්‍රථිඵල වටිනාකම් ලැබීමට වඩාත් ඵලදායි මෙන්ම අත්‍යවශ්‍යමදෙයක් වශයෙන් පාසලේ වෙබ් අඩවිය හදුන්වා දිය හැක.විද්‍යාලයේ පරිගණකඒකකය හරහා කරගෙන යන මෙම නව වෙබ් අඩවිය මගින් තව තවත් පාසලඉදිරියෙන් ඉදිරියටම ගමන් කිරීමට අවශ්‍ය ශක්තිමත් දෙයක් බවට පත්කිරීමටමේල්පිටිය මහා විද්‍යාලයේ දූ දරුවන් පිරිසක් සිටිති. ඔවුන්ගේ දක්ෂතා කුසලතාතව තවත් බලවත් කිරීමට මෙන්ම මග පෙන් වීමට ද සුදුසු තුරුවරුන් පිරිසක්ද සිටීම අප ලද මහත් භාග්‍යකි. දියුනු වන ලෝකයේ ඉදිරියට යන්න අවශ්‍යශක්තිය ලබා දුනිමි. පාසල්වල ක්‍රියාත්මක වන වෙබ් අඩවිය වෙනස් වීමටඉවහල් වන්නේය. ඒ අනුව ඉදිරිය වඩාත් යහපත් අරමුණකින් ආරම්භකරන මේල්පිටිය මහා විද්‍යාලයෙන් වෙබ් අඩවිය නිර්මාණය කරන පරිගණකඒකකය භාර ගුරුතුමිය හා දූ දරුවන්ට අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
පල්ලේගම නන්දසාර හිමි
පල්ලේගම නන්දසාර හිමි
නියෝජ්‍ය විදුහල්පති
මප/නා මේල්පිටිය මහා විද්‍යාලය.





